මේ ජීවිතය නිසාවෙන්

මඑද තකෙමි මහතා
රිෂ්ෂෝ කෝසෙයි සංවිධානයේ අන්තර්ජාතික ප්‍රධානි

“ඇයි මම මේ යුගයේදීම ඉපදුනේ, මේ දෙමාපියන්ට දාව ඉපදිල මේ පවුල තුල හැදී වැඩුණේ ඇයි, මේ දරුවන් එක්ක මගේ ජීවිතය බෙදාගන්නෙ ඇයි, මේ පුද්ගලයන්ව හමුවෙන්නේ සහ මේ මොහොතේ මෙලෙස ජීවත් වන්නේ ඇයි?” කියල මට සමහර වේලාවන් වලට හිතෙනවා.

අපි බොහෝ විට “ඇයි” කියා සොයා බැලීමට නැඹුරු වන්නේ නෑ. නමුත්, සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය තුල උගන්වන්නේ අපි මෙලොවට පැමිණ තිබෙන්නේ අපගේම තේරීම මත, එනම් අපි කැමැත්තෙන් පැමිණි බවයි. එසේනම්, අහඹු සිදුවීම් ලෙස පෙනන දේ පවා අර්ථවත් සබධතා ලෙස සිතන්න පුළුවන්. එනම්, සියල්ල අපගේ ජීවිතය යහපත් කරගැනීමට සහ අන් අය වෙනුවෙන් ජීවත් වීමට ලැබෙන අවස්තාවන් වනවා.

ජීවිතය තුල සතුටම පමණක් නොව, දුක් කම්කටොළු සහ අප බලාපොරොත්තු නොවන සිදුවීම් සිදුවනවා. නමුත්, මෙම සෑම සිදුවීමක්ම අත්දැකීමක්ම ඒ ආකාරයෙන් පිළිගන්නා විට අපගේ ජීවිතය වඩාත් අර්ථවත් සහ පිරිසිදු උසස් ජීවිතයක් බවට පත්වනවා.

සදාකාලික ජීවිතයක සිට බලන කල, මේ මිනිස් ජීවිතය ඉතා කෙටි මොහොතක් පමණි. “මේ ජීවිතය මෙලෙස ගෙවෙන්නේ ඇයි” කියා සිතමින් එම මොහොත ගෙවා දමනවාද, නැතහොත්, “ලැබී තිබෙන ජීවිතය කියා සිතා තමන්ට කල හැකි දේ කරමින්” විශ්වාසයෙන් එම මොහොත ගෙවනවාද. අපි උපත ලබා සිටින යුගය, අපගේ පවුල, අපට හමුවන පුද්ගලයන් සහ මේ මොහොත යන මේ සියල්ල අපට අපගේ ජීවිතය උපරිමයෙන් ගත කිරීමට සකසා දී ඇති “වේදිකාවක්” ලෙස දැකිය හැකිය. මෙලෙස සිතීම තුලින් “ඇයි මෙහෙම වුණේ” යැයි සිතමින් කනගාටු වන ජීවන රටාව, “මා ජීවත් විය යුත්තේ කෙසේද” යැයි සිතමින් දිරියට පියවරක් තැබීමේ දිරිගන්වන ජීවිතයක් බවට පරිවර්තනය කරයි.

Overseas members gather at the headquarters facility in Tokyo during the Ichijo (One Vehicle) Festival on October 18. Rev. Maeda is in the third row, second from right.